අපූරු නිල ශාස්ත්‍රය

රාජා වික්‍රමාරච්චිගේ නිල ශාස්ත්‍රය හරි අපූරු එකකි. එයට මරු පොල කියාද කියන බව ඔහු කියයි. ඒ පිළිබඳ සොයාගෙන ගිය අප කණ්ඩායමට සශ්‍රැත සංහිතා නම් වන ඉන්දියානු ආයුර්වේදයේ අත්පොත හමුවිය.

චීනඩි ශාස්ත්‍රය වත් නිවැරදිව රාජා දන්නවාදැයි දැන් අපට ඇති වන්නේ සැකයකි. මන්ද චීනඩි තුළද නිළ ශාස්ත්‍රයක් ඇති අතර එය ප්‍රභල නොවුවද ඒ ගැන නොකියා ඉන්දියානු ආයුර්වේදයේ වෙද නිල ටිකක් ගෙන මොහු මේසා විශාල කෙප්පයක් ඇදබාන්නේ ඇයිද යන ගැටලුව මතුවෙයි. ඉන්දියානු ආයුර්වේදය තුළ ඇත්තේ වෙද නිල විශේෂයක් වන අතර ඒවායින් මර්මස්ථානවලට පහර දීමට නොහැකිය. ඒය වෙදකම් සඳහා භාවිතා වන නිල ශාස්ත්‍රයකි. තමන් තුළ නිල ශාස්ත්‍රයක් නොමැති බව ප්‍රකාශ කරනවාට වඩා රාජාට ආයුර්වේදයේ නිල ටික ගෙන ඒවා අංගම්පොරවල නිල මෙන් ප්‍රකාශ කරන්නට සිතුනේ තමන්ගේ හෙළුව වසා ගැනීමට බව  බුද්ධිමත් පාඨකයාට අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ වෙතත් රාජාගේ මෙම ආයුර්වේද නිල ගැන අවබෝධයක් නොමැති රචිකාවිය අන්තිමට ප්‍රකාශ කරන්නේ සුමේධගේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අංගම් වලට උදව් වන කතාවකි. ඒ බව “මේ අනුව සලකා බැලීමේදී ගුරු පරම්පරා සහ ප්‍රාදේශීය වෙනස්කම් අනුව අංගම් ශිල්පය ඉගැන්වීම් ක්‍රියාවලියෙහි විවිධතා දක්නට ලැබෙන බව පැහැදිලි වේ“ යන ඇගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. 

කෙසේ වෙතත් එයට රචකාවියට දොස් පැවරීම ප්‍රඥා ගෝචර නොවේ. මන්ද එක් එක් අය ළඟට ගොස් අසන එකම ප්‍රශ්න වලට ලැබෙන්නේ එක් එක් පිළිතුරුය. මන්ද කරුණාපාල තමන්ගේ චීනඩිවලට අංගම්පොර යන නම යොදා ගත්තද දන්නේ චීනඩි නිසා උත්තර දෙන්නේ චීනඩිවලට අනුව ය. සුමේධ කලරිවලට අංගම්පොර යන නම යොදා ගත්තද දන්නේ කලරි නිසා උත්තර දෙන්නේ කලරි වලිනි. ග්‍රේෂන් චීනඩි මිශ්‍රිත සටන් ක්‍රමයට අංගම්පොර යන නම යොදා ගත්තද දන්නේ චීනඩි නිසා උත්තර දෙන්නේ චීනඩි වලිනි. මේ ඔක්කෝටම තමන්ගේ පැවැත්ම සහතික කර ගත යුතු නම් කළ යුතු වන්නේ අංගම්පොර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් කියා මතයක් සමාජයේ ගොඩනැගීමය. කෙසේ වෙතත් නොදැනුවත්ව හෝ මෙම මහාචාර්ය වරියද කොට ඇත්තේ මේ හොරුන් විසින් අවුලුවන ලද ගින්නට පිදුරු දැමීමකි.