චීනඩි විෂය නිර්දේශය

රාජා වික්‍රමආරච්චි නම් මෙම චෞරයා උගන්වනු ලබන්නේ අංගම්පොර නොව යටත් විජිත යුගයේ අංගම් තහනමත් සමඟ ලංකාවේ ප්‍රචලිත වූ ලංකාවට පමණක් ආවේණික වූ චීනඩි නැමති සටන් ශිල්පය බව අප මේ වන විටත් ප්‍රකාශ කොට හමාරය. එය තවදුරටත් පසක් කරනු වස්  අසෝකා දිසානායක නම් කැළණිය විශ්ව විද්‍යාලයෙහි ලලිත කලාවේදී, ශාස්ත්‍රපති, කථිකාචාර්ය වරිය සමඟ පනාවල ගුරුගෙදර සබරගමු නැටුම් පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේදී 2009.05.27 දින ලබා දුන් සාකච්ඡාවේදී අඩංගු කරුණු ඇතුළත් “අංගම් සටන් කලාව සහ බෙර වාදනය“  නම් වන ලිපියේ දී අඩංගු කරුණු යොදාගත හැකි ය.


2003දී නිශ්චිත ව්‍යායාම ක්‍රමයක් තමන් ඉගෙන ගත් නොමැති බව ප්‍රකාශ කළ රාජා දැන් දැන් යෝගා හා භාවනා ක්‍රමද උගන්වයි. මේ කතා කරනුයේ ඉන්දියානු යෝගා ශාස්තයේ ඇති යෝගා ව්‍යායාම ගැන මිස අප අංගම් ශිල්පය තුළ භාවිතා වන ශ්වසන අභ්‍යාස ගැන හා කුණ්ඩලීණී භාවනා අභ්‍යාස ගැන නොවේ. ඒ බව ඔහුගේ විෂය නිර්දේශයේ ඇති අනෙකුත් කරුණු මනාව අධ්‍යයනය කිරීමේන් පැහැදිලි වෙයි.

තුන් අඩි පෑගීම, දොලොස් අඩිය, විසි අඩිය හා කතිර හරඹය.

මොහු අද තුන් අඩි පෑගීම ලෙස වෙනස් කොටගෙන ඇත්තේ තුම්මුල්ල පැනීම නම් වන චීනඩි සටන් ක්‍රමයේ ඇති මූලික අඩි සෙල්ලමයි. මෙය චීනඩි ශාස්ත්‍රයේ අඩියෙන් අඩියට පැන සටන් කරන මූලික පියවරයි. මේ පිළිබඳව චීනඩි දන්නා ඕනෑම අයෙකුගෙන් දැනගත හැකි ය. අද මෙය තුන් අඩි පෑගීම ලෙස වෙනස් කොට ගත්තද එදා සිංහදීප නම් සඟරාවකට අංගම්පොර නමින් චීනඩි උගන්වන විට භාවිතා කලේ නම් තුම්මුල්ල පැනීම යන ඇත්තම නාමයයි. 

මේ පත්තරයකින් අංගම්පොර ඉගැන්වීම ගැන කිව යුත්තේ සරළ කතාවකි. අංගම්පොර යනු ඉතාමත් රහසිගත සටන් ශිල්පයක් වන අතර එය න්‍යායාත්මකව ඉතා ගැඹුරු මට්ටමක පවතියි. මේ අතර අංගම්පොර වැනි සටන් ශිල්පයක් පත්තරයකින් ඉගැන්වීම සිදු නොකරන අතර සිදු කිරීමට ප්‍රායෝගික හැකියාවක් ද නොමැත. අංගම් ශාස්ත්‍රයේදී ද මූලික අඩි සෙල්ලම් ඇති අතර ඒවා ගමන් කරනුයේ තුන් පැත්තකට වන්නට නොවේ. හෙළ යක්ෂ ගෝත්‍රිකයන් සියලු දේ සිදු කරනු ලැබූයේ හෙළ ස්වස්ථිකය මත පදනම්ව වන අතර ස්වස්ථිකයට ඇත්තේ මුලු තුනක් නොව හතරකි. එම නිසාවෙන්ම කිසිදු හරඹයක් තුන් පැත්තකට ගමන් කරමින් හෝ පනිමින් සිදු නොවේ. එය කෙසේ වුවද තුම්මුල්ල පැනීම යනු චීනඩි ශාස්ත්‍රයේ ‘අ‘ යන්න වන බව චීනඩි පන්තියක් දෙස බලා සිටි අයෙක් වුවද දන්නා කරුණකි.

දොලොස් අඩිය, විසි අඩිය හා කතිර ‘පුඩිය‘ යනුවෙන් හඳුන්වන්නේද චීනඩි ශාස්ත්‍රයේ න්‍යායාත්මක නාමයන්ගේ භාවිතයන් බව බැලූ බැල්මටම අවබෝධ වේ. එසේම චීනඩි ශාස්ත්‍රයේ ඇති කතිර පුඩිය වැනි ගැට සෙල්ලම් සුප්‍රසිද්ධ චීනඩි සෙල්ලම් ය. අප චීනඩි ශාස්ත්‍රය ගැන වැඩිමනක් නොදන්නා බැවින් බොහෝ දේ කිව නොහැකි වුවද චීනඩි දන්නා අයෙකුට මේ විෂය නිර්දේශය දෙස බැලීමෙන් බොහෝ දේ අවබෝධ කොට ගත හැකි වීම නිසැකය. කෙසේ වෙතත් අප චීනඩි නොදැන සිටියද මොවුන්ගේ ප්‍රධාන ගුරුවරයා වූ ආර්. ඒ.  වයිරමුත්තු විසින් 1954දී ලියන ලද Scietific Unarmed Combat නම් කෘතියේ චීනඩි නොමැතිවා යනුවෙන් නම් තර්ක කළ නොහැකිය. ඒ නිසාවෙන්ම අප මේ වන තුරු අපි විසින් ඉදිරිපත් නොකරන ලද එම ලොව බිහිවූ එකම චීනඩි ග්‍රන්ථය විය හැකි කෘතියේ පිටු කිහිපයක් පහතින් දක්වමු.


ඉහත කෘතියේ දක්වා ඇති පිටු කිහිපය අධ්‍යයනය කර ඕනෑම අයෙකුට චීනඩි නම් වූ මිශ්‍ර සටන් කලාවේ මූලික අඩි සෙල්ලම හා රාජා විසින් ඉහත පුවත් පතකින් ඉගැන්වූ තුම්මුල්ල පැනීම නම් වන පාඩම යනු එකම සටන් ක්‍රමයක් බව පැහැදිලි වනු ඇත. මෙම දෙක අතර ඇති එකම වෙනස වන්නේ වයිරමුත්තු විසින් ඉංග්‍රීසි වචන භාවිතා කිරීම පමණි. මෙම වයිරමුත්තුගේ කෘතියේ සියලුම පිටු අප සතු වන අතර ඉදිරියේදී චීනඩි සම්බන්ධව වැඩි විස්තර ඉදිරිපත් කෙරෙනු ඇත.

රාජාගේ ගුටි පහ

රාජාගේ පොරයේ ඇත්තේ ගුටි පහකි. මේසා විශාල ඉතිහාසයක් සහිත, මෙතරම් යුද්ධ සඳහා භාවිතා වූ සටන් ක්‍රමයක් තුළ තිබුණේ අත් පහරවල් හෙවත් ගුටි පහක් පමණක් යයි පිළිගැනීම ප්‍රබුද්ධ පාඨකයාට ගැටලුවක් වනු නොඅනුමාන ය. මන්ද ගුටි වර්ග පහකින් ප්‍රභල සටන් කලාවක් බිහිවීමේ කිසිඳු හැකියාවක් නොවීමයි. මේ ඇත්තේ වෙන යමක් නොව දැරණියගලගේ සිංහල ත්‍රාස්‍යජනක ක්‍රීඩා පොතේ සඳහන් ගුටි 3ක් හා එයට එකතු කොටගත් තවත් ගුටි දෙකක් පමණි. සැබවින්ම අංගම් සටනේදී ගුටි 20කට අධික ප්‍රමාණයක් භාවිතා වන අතර ඒ ගුටි ප්‍රමාණයෙන් සටන් කිරීමට පුහුණු වීමට ආධුනිකයෙකුට විශාල කාල පරිච්ඡේදයක් ගත වේ.

ඉහත කරුණු සංක්ෂිප්තයක් ලෙස ගෙන බලන කල රාජා විසින් බොහෝ මෑත කාලයේදී තමන්ගේ චීනඩි වචන හා චීනඩි ක්‍රමෝපායන් තුළට ඉන්දියානු යෝගා හා ඉන්දියානු මලයාලම් සටන් වලින් ඇහිඳගත් කොටස් හා සැබෑ අංගම් ශිල්පයේ වචන කිහිපයක් එකතු කර ගනිමින් තමන්ගේ බඩවියත රැකගැනීමේ කාර්යයේ නිරත වී ඇති බව පැහැදිලි වේ. මේවා දකින චීනඩි ශිල්පියෙක් සිතනුයේ අංගම් හා චීනඩි යනු එකම බවත් අංගම් ශිල්පීන් යනු මහා ලොකු සටන් කරුවන් විශේෂයක් නොවන බවත් ය. තමන්ගේ බඩවියත රැකගැනීමට එයින් රාජා වැනි චෞරයින්ට හැකි වුවද මේ තුළින් සැබෑ අංගම් ශිල්පයේ ගෞරවයට හා තේජවන්ත භාවයට වන හානිය මෙතෙකැයි කියා නිම කළ නොහැකි ය.