අපූරු ආයුදේ

කරුණාපාල ඇතුළු අංගං චෞරයන් සියල්ල අද භාවිතා කරන ඔවුන්ගේ හරි අපූරු ආයුධය ගැන නැවතත් කතා කිරීම ජුගුප්තාසහගත වුවද රාජා පත්තරවලට කියා ඇති දේවල් දකින විට එසේ නොකර බැරිය.

2003 දෙසැම්බර් මස 28 වැනිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ඔහු ප්‍රකාශ කරන්නේ තමන්ගේ ආයුධ එකතුවේ එක් ආයුධයක් ලෙස “වේලායුධය (සුරුට්ටුවාලු, එතුණු කඩුව)“ අයත් වන බවයි. එතකින් නොනවතින ඔහු තවදුරටත් මෙම අපූරු ආයුධය ගැන කියනුයේ මෙසේ ය. “මේ වේලායුධය කියන ආයුධය බෙහොම දරුණ එකක්. එයින් වැඩි පිරිසකට මාරාන්තිකව පහර එල්ල කරන්න පුළුවන්. දෙපැත්තම කැපෙන තියුණු වානේ පටි කිහිපයක් මිටකට සවිකර තනා ඇති මෙම ආයුධය හසුරුවන්න හොඳ පුහුණුවක් තිබිය යුතුමයි.“

මේ පාර නම් බල්ලා මල්ලෙන් එලියට පැන්නා කීවොත් නිවැරදිය. මන්ද කරුණාපාල කෙසේ හෝ සුරුට්ටුවාල් නැමති ආයුධයේ සැබෑ වචනය නොකියා කට ප්‍රවේසම් කර ගැනීමට සමත් වුවද රාජාට කට වැරදි ඇති බව පෙනේ. සුරුට්ටුවාල් යනු කුමක්ද යන්න ගැන කරුණාපාලගේ අපූරු ආයුධය ගැන පැහැදිලි කිරීමේදී යොදාගත් කරුණුම නැවතත් මෙහිදී ඔබගේ පහසුවට යොදා ගනිමු. අපි ඇත්තටම මේ සුරුට්ටුවාල් යනු කුමක්දැයි බලමු.


චුරුට්ටුවාල්හි ද්‍රවිඩ අර්ථකථනය


ද්‍රවිඩ හා හින්දු චිත්‍රපටවල භාවිතා වන මෙම චුරුට්ටුවාල් නැමති අංගම්හොරුන්ගේ අපූරු ආයුධය රාජාට වඩා හොඳින් ෂාරුක් ඛාන් විසින් අශෝක් චිත්‍රපටයේදී හසුරුවන අයුරු මෙම විඩියෝවෙන් පෙනේ. 

ඉන්දියානුවන් අපූරු ආයුධයට දෙන අර්ථකථනය පහත පරිදිය.  

"The sword is a flexible band of steel three-quarters to one inch in width, and long enough to reach from the fingertip of one hand to the finger tip of the other hand when the hands are held outstretched (usually about four or five and a half feet). It has a small handle with a cover. Often there are multiple belts on a single handle, which makes it more dangerous to the opponents and wielders alike. In modern times it is often made from used band-saw blades and packing bands"


වැඩි විස්තර සඳහා-


ඇත්තටම වේලායුධය යනු කුමක්ද?

අප දන්නා තරමින් නම් වේලායුදය ඇත්තේ කතරගම දෙවියන් ටය. කතරගම දෙවියන් සතුව පවතින එම ආයුධය හඳුන්වන්නේ වේලායුධය ලෙසටයි. වේලන්ගේ ආයුධය 'වේලායුධය' ලෙස අර්ථකථනය එයි. ජනතාවගේ විඥානයට මේ කරන විනාශය කෙතරම් ශෝචනීය ද? මෙම ආයුධය පිළිබඳව 2011-03 වන මාස නව ඉරිදා පුවත්පතේ පළවූ ලිපියකින් ද අනාවරණය වේ. එහි සඳහන් කරනුයේ "... ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළේය. (වේලායුධය යනු ගිනි දළුවක හැඩයකින් යුතු තලයකින් සමන්විත හෙල්ලයකි. එය ස්කන්ධගේ පූජනීය සංකේතය බවට පත්ව ඇත.)..." ‍  ලංකාවේ වේලායුධය ඇදහීම පිළිබඳව ලියැවී ඇති ආචාර්ය විමලා ක්‍රිශ්නපිලායි මහත්මියගේ  Vel Worship in Sri Lanka යන ලිපිය ද හොඳින් කියවා බලන්න.


මුරුගන් දෙවියන්ට සිය මව වන පාර්වතී විසින් ඇයගේ දේව බලය තම පුතුට ලබා දීමක් ලෙස සුරපද්මන් සමඟ යුද්ධයේදී භාවිතා කිරීම සඳහා වේලායුධය ලබාදුන් බවත් ‍විශ්වාස කෙරේ. එසේම මුරුගන් ශක්තිමත් තරුණයෙකු බවට පත්වූ කළ දේවයෝ ඔහු තම නායකයා ලෙසින් පිළිගත් බව සඳහන් වන අතර ඔහු දේවයන්ගෙන් ලක්‍ෂයක් පිරිස තෝරාගෙන නිලධාරීන් අට දෙනෙකු යටතේ යුධ සේනාවක් සංවිධානය කොට ඔවුන් ‛වේලායුධ ’ වලින් සන්නද්ධ කළ බවත් සඳහන් වේ.

සාරාංශය

මොහු මේ උත්සාහ කරන්නේ සැබෑ අංගම් සටනේ භාවිතා වන එතුණු කඩුව නම් වන පටි 30කට අධික ප්‍රමාණයක් භාවිතා වන ආයුධය තමන්ද සතු බව ප්‍රකාශ කිරීමටයි. නමුත් කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කීවාසේ සුරුට්ටුවාල් නැමති සැබෑ නම තමන්ගේ කටින් ගිලිහුණේ තමන්ගේම කරුමෙටය. කෙසේ වෙතත් වරහන් තුළ “එතුණු කඩුව“ යනුවෙන් යෙදීමටද ඔහු අමතක නොකලේ ඇට නැති දිව කාලයකදී වෙනත් අතකට අඹරා සුරුට්ටුවාල් හලා දැමා එතුණු කඩුව යන අංගම් සටන් ආයුධයේ නමම භාවිතා කිරීමේ අදිටනින් විය යුතු ය. සුරුට්ටුවාල් නැමති නම භාවිතා කිරීමම රාජා සතුව ඇත්තේ මලයාලම් මිශ්‍රිත සටන් ක්‍රමයක් වන චීනඩි බව මනාවට ඔප්පු කරන ප්‍රභල සාක්ෂියකි. මන්ද අංගම් ශාස්ත්‍රයේදී මලයාලම් චුට්ටුවාල් හෝ උරුමි භාවිතා කිරීමට හැකියාවක් නොමැත.